Sunday, 23 October 2011

ෆේස්බුක් ගිණුමට අන් අය ඇතුළු වීම වලකමුද ?

තමන්ගේ ෆේස්බුක් ගිණුමට අන් අය ඇතුළු වෙයි යැයිබොහෝ දෙනා බිය වෙතිමන්දඑවැනි වැඩ ලොවපුරාම සිදුවෙන බැවිනිමේ අවදානමෙන් මහජනයාගළවා ගන්නට සමත් ආරක්ෂක උපක්රම ෆේස්බුක්සේවයෙන් දැන් සපයා තිබේ අතරින් එකක්වෙන්නේ ජංගම දුරකථන හරහා ෆේස්බුක් සෙකියුරිටිසෙටිංස් නවීකරණය කළ හැකිවීමයි.

ෆේස්බුක් සේවයේ http://www.facebook.com/mobile වෙබ් පිටුවට පිවිස.ෆේස්බුක් මොබයිල් (Facebook Mobile) සේවාව සක්රීය කර ගත හැකඑවිටතම ෆේස්බුක් ගිණුමට ලැබෙන පණිවුඩ SMS මලින් දැනුම් දෙයි.



ෆේස්බුක් සෙකියුරිටි සෙටින්ග්ස් සැකසීම සදහා තම ගිණුමට පිවිස එහි දකුණුඉහල කෙළවරේ වු Account තුළින් Account Settings තුළට පිවිසෙන්නඑහිදීගිණුමට අදාළ සියලුම සෙටිංස් (Settings) පෙන්නුම් කරයිඑහි පහළටවෙන්නට ඇති Account Security ඉදිරියේ තිබෙන Change යන්න මත ක්ලික්කළ විට ගිණුමේ ආරක්ෂාව තර කළ හැකි විධික්රම දැක්වේසක්රීය කළයුතුදේ ඉදිරියේ ඇති චෙක් බොක්ස් ඇක්ටිව් කළ යුතුයඒවා මෙසේය.

§                                 Secure Browsing (https) - මෙය සක්රීය කළ විට කළින් ෆේස්බුක්ගිණුමට ප්රවේශවීමට භාවිතා කළhttp://www.facebook.com වෙබ්ලිපිනය https://www.facebook.com  ලෙස වෙනස් වෙයිඑහි https ලෙසදැක්වෙන්නේ ආරක්ෂාව තර කළ වෙබ් සම්බන්ධයකිඑය සාමාන් http වෙබ්සම්බන්ධයකට වඩා ආරක්ෂාකාරී වන අතර ගිණුමට ලොග් වීමේදී ඇතුළු කරනදත්ත අන් අය අත පත්වීම සම්පූර්ණයෙන්ම පාහේ වළකා ඒවායේ රහස්යභාවයරැක ගනී.
§                                 Login Notiafication - මෙම ආරක්ෂාව විධි ක්රමය සක්රීය කළ විට,නිතරම ෆේස්බුක් වෙත ලොග් වෙන පරිගණකයෙන් නොව වෙනත්පරිගණකයකින් ෆේස්බුක් වෙත ලොග්වීම පහසුවෙන් කළ නොහැකඑවිට නිතරලොග් වන පරිගණකය නොව අනෙක් පරිගණකය කුමක්දැයි නම් කරන ලෙසඉල්ලා සිටීඑම පියවර සමුපුර්ණ නොකර ඉදිරියට යාමට නොහැකඑසේපරිගණකය නම් කොට ඉදිරියට ගියවිට අලුත් පරිගණකය කුමක්ද? - එයින්ලොග් වූයේ කුමන දිනකදීද කුමන වේලාවකදීද යන තොරතුරු SMS හා Emailමගින් ගිණුමේ අයිතිකරුට දැනුම් දෙයිපිටස්තර අයෙකු තම ෆේස්බුක් ගිණුමටලොග්වූයේ නම් මෙම පණිවුඩවලින් එය දැනගත හැකඑසේම පණිවුඩ සමගලැබෙන ලින්ක් එකෙන් එය ෆේස්බුක් බලධාරීන්ට දන්වා ආරක්ෂාව තර කරගත හැක.
§                                 Login Approval - කලින් කී පරිදි පුරුදු පරිගණකයෙන් නොව වෙනත්පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට ලොග්වීමට උත්සාහ කරන විට රහස්අංකයක් ඉල්ලා සිටීඑම රහස් අංකය මේ වෙලාවේම ක්ෂණිකව ගිණුම්හිමියාගේ ජංගම දුරකතනයට SMS පණිවුඩයක් මගින් දන්වා සිටින නිසා ජංගමදුරකතනයෙන් එම රහස් අංකය කියවා එය ඇතුළු කොට ෆේස්බුක් ගිණුමටඇතුළුවිය හැකපුරුදු නැති පරිගණකයකින් ෆේස්බුක් ගිණුමට ලොග්වීමටඋත්සාහ කරන්නේ පිටස්තර කෙනෙකු නම් දැන් ඔහු හෝ ඇය මෙම රහස්අංකය නොදන්නා නිසා ලොග් විය නොහැකියිමෙම ආරක්ෂක විධික්රමය නිසාතමාගේ ෆේස්බුක් ලොගින් පාස්වර්ඩ් එක දැන සිටියද ඉන් ඵලක් නොවේමන්දගිණුමට ලොග්වීමට මෙම පාස්වර්ඩ් එක සමගම කලින් අංක ලබා දී ඇතිදුරකතනයද ඔහු හෝ ඇය සතුව තිබිය යුතු බැවිනි.
කෙසේ වෙතත් තමා පුරුද්දක් සේම පරිගණක කිහිපයකින් ෆේස්බුක් වෙතලොග් වේ නම් එම පරිගණක මොනවාද කියා කලින්ම තොරතුරු ලබා දිය හැක. ෆේස්බුක් සෙකියුරිටි සෙටිංස් සැකසීමේදී එම පරිගණක Recognized Deviceලෙස නම් කර සකසා ගත හැකියි.
------------------------------------------------------------------------------------------------------------------------------------
ඉහතින් පොඩි හැදින්වීමක් තමයි මේ ගැන ඔයාලට ඉදිරිපත් කරකියබන්නේ.....දැන් බලන්න Account Security (Change) කරගන්නෙකොහොමදකියලා....

1. ඔබගේ Facebook Account එකට Log වෙන්න
2. දැන් උඩම තිබෙන Account බොත්තම Click කරන්න
3. දැන් එහි ඇති Account Settings තෝරන්න



4. දැන් ඔබට ලැබෙන නව පිටුවෙහි පල්ලෙහාට එන්න, Account Securityඉදිරියෙන් ඇති Change මත Click කරන්න


5. ඔයාට මේ විදියෙ Check Box 3ක් සහිතව එයින් ඉටුවෙන කාර්යය හදුන්වා දීතිබෙයි



ඉහත රූපයේ තිබෙන්නේ මා ඉහතින් ඔබට විස්ථර කරනු ලැබූ  Secure Browsing (https), Login Notification Login Approval ඔප්ෂන් 3  වගේමඔබේ කැමැත්ත පරිදි මෙයින් ඔබට අවශය Option එකක් හො සියල්ලම වුවදතෝරා ගත හැකියි. (සැ.යු -  ඔබ ඔයාගේ ෆේස්බුක් ගිණුම වෙනත් අය ඇතුළු වීමසම්පූර්නයෙන් වැලැක්වීමට මෙම Check Box සියල්ලටම හරි ලකුන යෙදියයුතුයි)


06. එසේනම් Check Box සියල්ලටම හරි ලකුන යොදන්න...... තුන්වෙනි Check Box එක  හරි ලකුණ යෙදීමේදී ඔබට මේ ආකාරයේ වින්ඩෝ එකක් විවෘතවේ......



07. මෙහි Set Up Now බොත්තම මත ක්ලික් කරන්න.....එවිට ඔබට පහතආකාරයේ නව වින්ඩෝ එකක් දිස්වේ.


08. මෙහි Phone Number යන්නට ඉදිරියෙන් ඇති, Text Box එකෙහි ඔබගේජංගම දුරකථන අංකය ලබා දෙන්න, (මෙය ඔබ භාවිතා කරන්නක් විය යුතුයි,මොකද මේ දුරකථන අංකයට මුහුණු පොතෙන් පිණිවුඩයක් එවනු බලනවා..වගේම ඔබගේ ගිණුමට වෙනත් පුද්ගලයෙක් ඇතුළු වීමට උත්සාහ දරනවානම් පිළිබදවද ඔබව දැනුවත් කරන්නේමේ ජංගම දුරකථන අංකය හරයාඔබටකෙටි පණිවුඩයක් ලබා දීමෙනි.) දැන් Continue බොත්තම මත ක්ලික්කරන්න....දැන් ඔබ ලබාදුන් ජංගම දුරකථන අංකයට SMS පණිවුඩයක් මගින්Password එකක් ලබා දෙනවා....

09. මෙහි ඇති Text Box එකෙහි ඔබගේ ජංගම දුරකථනය ලැබාදී ඇති Codeඑක නිවැරදිව Type කර Continue බොත්තම ඔබන්න.....දැන් ඔබට පහත පරිදිතවත් වින්ඩෝ එකක් ලබාදේ.

10. මෙහි ඔබගේ පරිගණකයෙහි නම ලබාදෙන්න..(උදා Home Computer ) Next බොත්තම ඔබන්න....(ඔබ ලබා දුන් නම ෆේස්බුක් හි මතක තබා ගනීදැන්ඔබට මේ ආකාරයේ වින්ඩෝ එකක් ලබාදේ.

11. දැන් ඔබගේ Login Approval සාර්ථකව ඔබ විසින් සිදු කරගෙන ඇති බවෆේස්බුක් මගින් ඔබට දැනුම් දී සිටිනවා...මෙහි ඇති Close බොත්තමඔබන්න....ඔබට මෙහි තවත් එක් පියවරක් සිදු කරගැනීමට ඉතිරිව තිබේ...දැන්ඔබ කලින් සිටි Account Security තුලට පැමිනේ.....


12. ඉහත රූපයේ ඇති Save බොත්තම ඔබන්න........

දැන් ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුම නිවැරදිව ආරක්ෂා කරගෙන තිබේ...මෙතැන්සිට කිසිවෙකුට වත් ඔබගේ අනු දැනුමකින් තොරව ඔබගේ ෆේස්බුක් ගිණුමටලොග් විය නොහැක

No comments:

Post a Comment